ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් අද (08) ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
එම ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යැවීමට දැනටමත් සියලු කටයුතු සූදානම් කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
2015 වසරේදී ග්ලයිෆොසෙට් ආනයනය කිරීම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය තහනමක් පැනවූ අතර කෙසේ වෙතත් ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවට යටත්ව මේ මස 5 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තහනම ඉවත් කරමින් ආනයන අපනයන පාලක ජනරාල්වරිය විසින් අද ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.


