27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික ඉන්ධන බලපත්‍රය ලබාගැනීමට යළිත් අවස්ථාව

ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගැනීමට යළිත් අවස්ථාව

තාවකාලිකව නතර කර තිබූ ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමට යළි අවස්ථාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් පවසනවා.

අමාත්‍යවරයා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ කටයුතු යාවත්කාලීන කිරීම අවසන් වී ඇති බැවින් නව ලියාපදිංචිවීම් සිදුකළ හැකි බවයි.

මේ අතර අද (08) මධ්‍යම රාත්‍රියෙන් පසු මෙම සතියට අදාළ ඉන්ධන කෝටාව ස්වයංක්‍රීයව යාවත්කාලීන කෙරෙන බව අමාත්‍යවරයා මීට පෙර සඳහන් කර සිටියා.

එමෙන්ම දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1246ක් තුළ, ලියාපදිංචි වාහන මිලියන 5.5 කට අධික ප්‍රමාණයක්, මිලියන 4.3 කට අධික ගනුදෙනු ප්‍රමාණයක් දින 07ක් තුළ අවසන් කර ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා වැඩි දුරටත් දන්වා සිටියේ.