26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් නිලධාරියෙක් සපා කෑ කතක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙක් සපා කෑ කතක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියකුට පහර දී ඔහුව සපා කෑ කාන්තාවක් සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේරාදෙණිය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියකුට මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

අදාල පොලිස් නිලධාරියා පසුගිය දිනක රාත්‍රී රාජකාරියේ නිරත වෙමින් සිටින අවස්ථාවේදී මෙම කාන්තාව සහ තවත් පිරිසක් බීමතින් කලහකාරි ලෙස හැසිරී තිබෙනවා.

එහිදී එම කාන්තාව සහ තවත් අයෙකු පොලිස් නිලධාරියාට පහරදී ඔහුව සපා කෑ ඇති බවයි වාර්තා වුණේ.

සපා කෑමෙන් පොලිස් නිලධාරියාගේ අතක ඇඟිල්ලකට සහ මුහුණට තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.