26.7 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලක් මවට ලෝකඩ පදක්කමක් දිනා දුන් නෙත්මි අහිංසා දිවයිනට

ලක් මවට ලෝකඩ පදක්කමක් දිනා දුන් නෙත්මි අහිංසා දිවයිනට

බර්මින්හැම්හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේදී මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ නෙත්මි අහිංසා අද (08) අලුයම දිවයිනට පැමිණියා.

ඉතිහාසයේ පළමුවරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාදීමට සමත් වූ නෙත්මිව පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මල්ලවපොර සංගමයේ නිලධාරීන් ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට 18 හැවිරිදි නෙත්මි අහිංසා පසුගියදා සමත් වුණා.

ඒ අත්දැකීම්වලින් බහුල ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් පරාජය කරමින්.