27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹින් පැරදී ගෙදර ගිය රනිල් වැඩ්ඩෙක් නෙවෙයි - සජිත් ප්‍රේමදාස

කොළඹින් පැරදී ගෙදර ගිය රනිල් වැඩ්ඩෙක් නෙවෙයි – සජිත් ප්‍රේමදාස

කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාද වී ගෙදර ගිය රනිල් වික්‍රමසිංහ වැඩ්ඩෙකු වන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කළේය.

පැරදී ගෙදර ගිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත්වීම නිසා ජනතාව එසේ පවසන බවත් සජිත් ප්‍රේමදාස පැවඩීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රාජපක්ෂ හොරු රැල රකින බවට තමන් පොරොන්දු වූයේ නම් අද තමා මෙරට ජනාධිපතිවරය බවත් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වූ ක්‍රමවේදය ප්‍රශ්න නොකරන බවත් එම පත්වීම සිදු වූයේ ව්‍යවස්ථානුකූලව බවත් හෙතෙම එහිදී කියා සිටියේය.