27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසොරකමේ ගිය පොලිස් නිලධාරීන් 04ක් අත්අඩංගුවට

සොරකමේ ගිය පොලිස් නිලධාරීන් 04ක් අත්අඩංගුවට

පුද්ගලයකුගේ රන් මාලයක් හා ජංගම දුරකථනයක් සොරකම් කළ පොලිස් නිලධාරින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොට්ටාව විද්‍යාල හන්දියේදී තරුණයෙකුගේ ගෙළ බැඳි රන් මාලය සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළවයි. 

සැකකාර පොලිස් නිලධාරීන් අතර පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකු වන අතර අදාළ කොල්ලකෑමට යොදාගත් ත්‍රීරෝද රථය, කොල්ල කන ලද රන් මාලය සහ ජංගම දුරකථනය පොලිසිය විසින් මේ වන විට සොයාගෙන තිබෙනවා

කොට්ටාව විද්‍යාල හන්දියේ පිහිටි සිය සහෝදරියගේ නිවසට පැමිණෙමින් සිටි මෙම තරුණයාව, එම නිවස ඉදිරිපිට මාර්ගයේ දී වෙනත් මාර්ගයක් අසන මුවාවෙන් තරුණයා අසලට පැමිණ ඔහු කර බැඳි රන් මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා පලාගොස් තිබෙනවා.

 සැකකරුවන් හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත‍යි.