― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජොන්ස්ටන්ගේ තවත් නඩුවකට අධිචෝදනා බාරදෙයි

ජොන්ස්ටන්ගේ තවත් නඩුවකට අධිචෝදනා බාරදෙයි

සමූපකාර වෙළෙඳ අමාත්‍යවරයාව සිටි සමයේදී රාජකාරියට පරිභාහිරව සිය සේවකයන් දේශපාලන කටයුතු සඳහා යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අද (08) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය.

ඒ අනුව විත්තිකරුවන් තිදෙනා එක් අයෙකුට රුපියල් 25,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය.

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු හා එම ආයතනයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ කාජා මොහිදීන් මොහොමඩ් ශාකිර් යන විත්තිකරුවන්ට එලෙස අධිකරණය හමුවේ අධි චෝදනා භාරදීම සිදු කළේය.