27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසර අගදී ග්‍රාම නිලධාරීන් 300ක් විශ්‍රාම යයි

මේ වසර අගදී ග්‍රාම නිලධාරීන් 300ක් විශ්‍රාම යයි

මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා ග්‍රාම නිලධාරීන් 300ක් පමණ විශ්‍රාම යාමට නියමිත බව වාර් තා වේ.

ග්‍රාම නිලධාරීන් දාහතර දහස් විසිදෙකක් සිටියද දැනට සිටින්නේ නිලධාරීන් එකොළොස් දහස් හත්සියයක් පමණක් බව ශ්‍රී ලංකා ඒකාබද්ධ ග්‍රාමසේවා සංගමයේ ප්‍රධාන ලේකම් අත්තුල සිලමන් ආරච්චි පැවසීය.

නමුත් මේ වසරේ සැලකිය යුතු නිලධාරීන් පිරිසක් විශ්‍රාම යන බැවින් ඉන් විශාල ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇත. දැනට පවතින තනතුරු පුරප්පාඩු නිසා ග්‍රාම නිලධාරියෙකුට තම වසමේ පමණක් නොව තවත් බොහෝ වසම්වලද කටයුතු කිරීමට සිදුවේ.

කාන්තා නිලධාරිනියන්ට එම කටයුතු කිරීමට අපහසු වී ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.