― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ ඇමති නිව්යෝර් ක් යයි

විදේශ ඇමති නිව්යෝර් ක් යයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද (19) අමෙරිකාවේ නිව්යෝර් ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගිවීම සඳහායි. අමාත්‍යවරයා විසින් ලබන 24 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව අති අතර මෙම සංචාරය තුළ තවත් ජාත්‍යන්තර සමුළු කිහිපයක් ඇමතීමට නියමිතව තිබේ. ඒ ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර් ග පිළිබඳ සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම, නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අමාත්‍ය සැසිය සහ ගෝලීය සංවර් ධනයට මුල පිරීමේ මිත්‍ර කණ්ඩායමේ අමාත්‍ය රැස්වීම යන ඒවායි.

විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉහළ මට්ටමේ සාකච්ඡා වාරය හෙට සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.