― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පතිගෙන් කරුණු විමසයි

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පතිගෙන් කරුණු විමසයි

පසුගිය 24 වැනිදා කොළඹදී පැවති විරෝධතාව අතරතුරදී සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති වාර් තාව අද (26) ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

අද පෙරවරුවේ අදාළ වාර් තාව සිය කොමිසම වෙත යොමු කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම්දී ඇති බවත් පොලිස් ස්ථාන වෙත ගොස් අත්අඩංගුවට ගෙන සිටින පිරිසගේ තත්ත්වය පරීක්ෂා කළ බවත් මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

සමාජවාදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 82 දෙනෙකු ඊයේ (25) පස්වරුවේ ඇප මත මුදාහරිනු ලැබීය.

ඒ අනුව 79 දෙනෙක් පොලිස් ඇප මත හා එරංග ගුණසේකර ඇතුළු තිදෙනෙක් ශරීර ඇප මත මුදා හැරි බව පොලිසිය පවසයි.