27.2 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැති ඇමතිවරු 40ක් පොහොට්ටුවෙන් ඉවත් වෙයි?

මැති ඇමතිවරු 40ක් පොහොට්ටුවෙන් ඉවත් වෙයි?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40ක් පමණ පක්ෂයෙන් ස්වාධීනව වී නව පක්ෂයක් ලෙස කටයුතු කිරීමට සූදානම් වන බව ආරංච්මාර්ග වාර්තා කරයි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වැනි කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද මෙලෙස ස්වාධීන වන කණ්ඩායමට අයත් වන අතර රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

කෙසේවෙතත් මෙම කණ්ඩායම පොදුජන පෙරමුණෙන් ස්වාධීන වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දක්වනු ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම සමගි ජනබලවේගයෙන් ආණ්ඩුවට එක් වූ ඩයනා ගමගේ, අරවින්ද කුමාර වැනි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද මෙම නව සන්ධානය සමඟ එක්වනු ඇතැයි වාර්තා වෙයි.