― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණු මුහුදෙන් හමු වූ හෙරොයින් තොගය ගාල්ල නාවික හමුදා කඳවුරට

දකුණු මුහුදෙන් හමු වූ හෙරොයින් තොගය ගාල්ල නාවික හමුදා කඳවුරට

හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සමඟ හම්බන්තොට මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත මේ වනවිට රැගෙන විත් ඇති බව වාර්තා වනවා.

මහාරාවණ ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 10ක් දුරින් වූ ගැඹුරු මුහුදේ දී බහුදින ධීවර යාත්‍රාවක තිබූ මෙම හෙරොයින් තොගය සමඟ සැකකරුවන් 06 දෙනෙකු සමඟ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගනු ලැබුවා.

රුපියල් මිලියන 6,000කට අධික වටිනා කමකින් යුත් මෙම හෙරොයින් තොගය සොයාගන්නා අවස්ථාවේ දී ඇසුරුම් 300ක් වන සේ අසුරා තිබුණා. මෙම හෙරොයින් තොගය රැගෙනයාමට පැමිණි තවත් කුඩා යාත්‍රාවක්ද සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.

හෙරොයින් තොගය ගොඩබිමට රැගෙන ඒමෙන් පසු එය ප්‍රවාහනය සඳහා පැමිණ සිටි කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සමඟ මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 09 දෙනෙකු සහ එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.