30.6 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා - මහ බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා – මහ බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

එහි එක් වාර්තාවක දැක්වෙන්නේ වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැවැන්ත පසුබෑමක් පෙන්නුම් කළ නමුත් වසරේ දෙවන භාගයේදී ස්ථාවර වීමට පටන්ගෙන ඇති බවයි.

මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදිසි මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා වූ සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට ලැබේ.

එසේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල ප්‍රගතියක් ඇති වී තිබෙන අතර ආර්ථික ප්‍රකෘතිමත් සඳහා විවිධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කෙරේ.

මේවා සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසර අවසන් වන විට රටේ ආර්ථිකය ස්ථාවර මාවතකට යොමු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.