23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර වර්ග තුනක් මාතරට තහනම් වෙයි

ආහාර වර්ග තුනක් මාතරට තහනම් වෙයි

ඇෆ්ලටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙන් සුපෝෂ, ලක්පෝෂ හා නැණපෝෂ යන අතිරේක ධාන්‍ය ආහාරමය නිෂ්පාදන මාතර අධිකරණ බල සීමාව තුළ විකිණීම හා බෙදා හැරීම තහනම් කරමින් මාතර අතිරේක මහේස්ත්‍රාත් සමන් ඩී. කේ. පරණ ලියනගේ පෙරේදා (09) තහනම් නියෝගයක් නිකුත් කළේය.

සුපෝෂ නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගම්වලට එරෙහිව එම තහනම් නියෝගය නිකුත් කෙරුණ අතර අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 98 (1) ආ වගන්තිය හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 104 වගන්තිය ප්‍රකාරව අදාල නිෂ්පාදනය මාතර අධිකරණ බල සීමාව තුළ විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමටද දැනට වෙළඳපොලේ පවතින එම නිෂ්පාදනවල තොග වහාම ඉවත් කිරීමටද නියෝග කළේය.

තවද එම නිෂ්පාදන වෙළඳසල්වලට නිකුත් කිරීම තහනම් කරමින් ඉන්ජන්ෂන් ආඥාවක්ද නිකුත් කරන ලදි.