27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරටවල් රැසක 65 දෙනෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය

රටවල් රැසක 65 දෙනෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 22ක පුද්ගලයින් 65 දෙනෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වී තිබේ.

බෙලරුස්, කැනඩාව, චිලී, චීනය, ඉරානය, නේපාලය, නවසීලන්තය, උතුරු අයර්ලන්තය, පිලිපීනය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, තායිලන්තය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, වියට්නාමය සහ සිම්බාබ්වේ යන රටවල පුද්ගලයින්ට එලෙස ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දී ඇත.

ඊට අදාළ උත්සවය Lake Macquarie හිදි පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

2016 වසරේ සිට මේ දක්වා 1700කට වැඩි පිරිසකට එරට පුරවැසිභාවය ලබා දී ඇති අතර ඉන් 362කට මේ වසරේ පුරවැසිභාවය ලබාදීමට නියමිතය.