26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportදසුන් ශානකට ඩොලර් 3000ක දඩයක්

දසුන් ශානකට ඩොලර් 3000ක දඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක හා LPL තරගාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක දසුන් ශානකට තරග මුදලින් සියයට 40ක දඩ මුදලක් පනවා තිබේ.

ඒ් පසුගියදා (08) කලම්බු ස්ටාර්ස් සමගින් පැවති තරගය අතරතුරදී පිටියේ විනිසුරු තීරණයකට විරෝධය පෑම හේතුවෙනි.

මේ හේතුවෙන් ඇමරිකානු ඩොලර් තුන්දහසක් හෙවත් රුපියල් ලක්ෂ 11කට අධික දඩමුදලක් දසුන් ශානකට පනවා ඇත.

කෙසේ වෙතත් දසුන් මේ සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම දඩමුදලට අමතරව දසුන්ට අසාදු ලකුණු 2ක්ද ලබාදීමට ක්‍රියාකොට ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.