මෙරට වයස පහට අඩු දරුවන්ගෙන් සියයට 50ක්ම ආහාර උද්ධමනය නිසා මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ.
මේ බව අනාවරණය වී ඇත්තේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහාවූ ජාතික සභා අනු කමිටුවේදීය.
එමෙන්ම ආහාර හිඟය හේතුවෙන් ගර්භනී මවුවරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශක අගයද බෙහෙවින්ම අඩුව ඇති බවද එමඟින් හෙළි වී තිබේ.
එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ ග්‍රාම නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවිකා වසම් මට්ටමෙන් ප්‍රමුඛතා හඳුනාගෙන මෙම සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් සෙවිය යුතු බවයි.


