26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් රථ දෙකක් එකිනෙක ගැටී තිදෙනෙක් රෝහලට

බස් රථ දෙකක් එකිනෙක ගැටී තිදෙනෙක් රෝහලට

අද (12) අලුයම 04.30ට පමණ කොළඹ – කුරුණෑගල මාර්ගයේ මැටිකුඹුර ආසන්නයේදී අනුරාධපුර ඩිපෝවට අයත් ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටී තිබෙනවා.

එම අනතුරෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. කොළඹ දෙසට ධාවනය වූ බස් රථය අනෙක් බස් රථයට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.

පසුපසින් පැමිණි බස් රථයේ කොන්දොස්තරවරයා හා ඉදිරිපස බසයේ පිටුපස ආසනයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.