― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋප කුලපතිගේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 06ක් අත්අඩංගුවට

උප කුලපතිගේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 06ක් අත්අඩංගුවට

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහරදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) රාත්‍රීයේ සැකකාර සිසුන් 06 දෙනෙක් පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් පසු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 23 හා 25 අතර වන නිට්ටඹුව, සඳලංගල, ගිරිතලේ, මාතලේ, හේනේගමුව හා ගලගම්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසි පවසයි.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකාර සිසුන් 06 දෙනෙක් හඳුනාගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.