23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව වසරේ ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් රථ සේවාවක්

නව වසරේ ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් රථ සේවාවක්

නව වසර වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා විශේෂ බස් සේවා ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට ද බස් සේවාවක් පළමු වනදායින් පසු ක්‍රියාත්මක කරන බවයි එම කොමිෂන් සභාව වැඩි දුරටත් පැවසුවේ.

මේ අතර 1955 ක්ෂණික ඇමතුම් අංකය අමතා මගී ජනතාවගේ ප්‍රවාහන ගැටළු සම්බන්ධයෙන් දැනුම් දිය හැකි අතර මගී ජනතාවට අවශ්‍ය තොරතුරු ලබාගැනීමටත් හැකියාව පවතිනවා.

නව වසර ආරම්භයත් සමඟ ලංකා ගමනාගමන මණ්ඩලය ද මගීන්ගේ පහසුව සඳහා විශේෂ බස් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

මෙම විශේෂ බස් රථ සේවාව කොළඹ කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට අද (01) සිට ලබන 03 වනදා දක්වා ක්‍රියාත්මක බවයි ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ.

එමෙන්ම ගම්බිම් බලා ගොස් සිටින ජනතාවට යළි පැමිණීම සඳහා ද අතිරේක බස් රථ මුළු දිවයිනම ආවරණය වන පරිදි යෙදවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.