27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුවේ 35ක් විශ්‍රාම යයි

පාර්ලිමේන්තුවේ 35ක් විශ්‍රාම යයි

පාර්ලිමේන්තුවේ 35ක් විශ්‍රාම ගොස් ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙලෙස විශ්‍රාම ගොස් ඇත්තේ පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35 දෙනෙකි.

රජයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා සීමා කිරීමේ ගැසට් නිවේදනයට අනුවයි මොවුන් පසුගිය 31 වැනිදා විශ්‍රාම ගොස් ඇත්තේ.

අදාළ නිලධාරීන් සහ සේවකයන් සිය රාජකාරි කාලය දීර්ඝ කර ගැනීමට පසුගිය කාලයේදී කිසියම් උත්සාහයක් ගත්තද එය ව්‍යාර්ථ වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ මෙම ප්‍රශ්නයේදී පාර්ලිමේන්තුවට විශේෂ ආකාරයෙන් සැලකුවහොත් රාජ්‍ය සේවය තුළ විශාල ව්‍යාකූල තත්වයක් මතුවිය හැකි බවයි.