27.8 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඕමානයේ රඳවා සිටි ගෘහ සේවිකාවන් හත් දෙනකු මෙරටට

ඕමානයේ රඳවා සිටි ගෘහ සේවිකාවන් හත් දෙනකු මෙරටට

ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිතව පවත්වා ගෙන යනු ලබන ” සුරක්ෂා ” (Safe House ) නිවසෙහි රදවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 07 දෙනකු අද අලුයම මෙරටට පැමිණියා.

ඕමානයේ ” සුරක්ෂා ” නිවසෙහි රදවා තබා සිටින ගෘහ සේවිකාවන් 118 දෙනා අතරින් 11 දෙනකු ශ්‍රී ලංකාවට එවීම සදහා මස්කට් නුවර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් භාර දී ඇති අතර එහිදී ගෘහ සේවිකාවන් 04 දෙනකුගේ ලියකියවිලි පිළිබඳව ඇති වූ ගැටළු සහ අඩුපාඩු මත අවසාන මොහොතේ ඔවුන් ගුවන් යානය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් භාර ගෙන තිබෙනවා.

පසුව මෙම ගෘහ සේවිකාවන් 07 දෙනා කටුනායක, 18 කණුව ප්‍රදේශයේ පිහිටි “සහන පියස” සේවා මධ්‍යස්ථානය වෙත රැගෙන යාමටයි පියවර ගෙන ඇත්තේ.