30.6 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලිබිල ඉහළ දැමීම ගැන අවසන් තීරණය හෙට

විදුලිබිල ඉහළ දැමීම ගැන අවසන් තීරණය හෙට

විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට (09) දිනයේ රැස්වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගැනීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ රැස් වූ කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය මෙම සතියේ රැස්වෙන කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී තීරණය කළ බවයි පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

මේ අතර, බලශක්ති අමාත්‍යවරයා විසින් ගෙන ආ එම යෝජනාවට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම ඇතුළු පාර්ශ්ව රැසක විරෝධය එල්ල වී තිබෙනවා.