26.1 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුවේට්හි වහල් සේවයේ යෙදවූ තරුණයින් 06ක් දිවයිනට

කුවේට්හි වහල් සේවයේ යෙදවූ තරුණයින් 06ක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ ගොවිපලක වහල් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකික තරුණයින් හයදෙනෙක් නිදහස් කර ගැනීමෙන් අනතුරුව දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් අද (09) අලුයම ජසීරා ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

මෙම තරුණයින් හයදෙනා ත්‍රිකුණාමලය සහ කින්නියා ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ.

කින්නියා ප්‍රදේශයේ තැරැව්කරුවෙකුගේ මාර්ගයෙන් මෙම පිරිස කුවේට් වෙත පිටත්ව ගොස් ඇති බවයි ඔවුන් පොලීසියට කියා තිබෙන්නේ.