28.4 C
Colombo
Friday, December 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉදිකිරීම් කේෂ්ත්‍රයේ දහතුන් ලක්ෂ පනස් දහසකට යන එන මං නෑ

ඉදිකිරීම් කේෂ්ත්‍රයේ දහතුන් ලක්ෂ පනස් දහසකට යන එන මං නෑ

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  රැකියාවල නියුතුව සිටින දහතුන් ලක්ෂ පනස් දහසක පමණ පිරිසක් ආර්ථික අර්බුදය හමුවේ එම ක්ෂේත්‍රය කඩා වැටීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාව පවසනවා.

මේ පිරිසට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  සෘජු රැකියාවල නියුතු හය ලක්ෂ පනස් දහසක් හා වක්‍ර රැකියාවල නියුතු  ආසන්න වශයෙන් හත්ලක්ෂයක් ඇතුළත් වෙති.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිස් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් රට හැර යාමේ ප්‍රවණතාවක්ද මතුව ඇතැයි එම සභාව වැඩිදුරටත් සඳහන් කළේය.