27.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldහෙලිකොප්ටරය කඩා වැටී යුක්‍රේන අභ්‍යන්තර කටයුතු ඇමති ජීවිතකෂයට

හෙලිකොප්ටරය කඩා වැටී යුක්‍රේන අභ්‍යන්තර කටයුතු ඇමති ජීවිතකෂයට

යුක්රේනයේ කියෙව් අගනුවරට නුදුරින් පිහිටි බ්‍රොවාරි නමැති නගරයේ පෙර පාසලක් සහ මහල් නිවාස ගොඩනැගිල්ලක් අසළට හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී පුපුරා ගිනි ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනාස්ටිස්කි ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් 16ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

හෙලිකොප්ටරය කඩා වැටීමෙන් ඇති වූ පිපිරුම හේතුවෙන් පෙර පාසල් ගොඩනැගිල්ලටත්, මහල් නිවාස ගොඩනැගිල්ලටත් හානි සිදුව ඇති අතර යුක්‍රේන රජය සැක පළ කරන්නේ හෙලිකොප්ටරය, රුසියන් මිසයිල ප්‍රහාරයකට හසුවීමෙන් කඩා වැටෙන්න ඇති බවයි

(රොයිටර්ස්)