― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුවේටයේදී වද හිංසාවලට ලක්වූ ගෘහ සේවිකාවන් 47ක් දිවයිනට

කුවේටයේදී වද හිංසාවලට ලක්වූ ගෘහ සේවිකාවන් 47ක් දිවයිනට

විවිධ හිරිහැරවලට සහ රෝගාබාධයන්ට ලක්ව මෙරටට පැමිණීමට නොහැකිව කුවේටයේ රැඳී සිටි 47 දෙනෙකුගෙන් යුත් මෙරට ගෘහ සේවක සේවිකාවන් පිරිසක් අද (25) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබේ.

මෙලෙස පැමිණි ගෘහ සේවක සේවිකාවන් අතරින් වැඩිපිරිසක් සිය හාම්පුතුන් අතින් විවිධ හිරිහැරවලට ලක්වීමෙන් පසු කුවේටයේ තානාපති කාර්යාලයට පැමිණි අය බවයි වාර්තා වන්නේ.

මස්කට් නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.230 දරණ යානයෙන් ඔවුන් මෙරටට පැමිණ තිබේ.