29 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවෙළඳ භාණ්ඩ අපනයනයේ වැඩිවීමක්

වෙළඳ භාණ්ඩ අපනයනයේ වැඩිවීමක්

2021 වසරේ දි අමෙරිකානු ඩොලර් බිලියන 12.4ක් වූ වෙළඳ භාණ්ඩ අපනයනය 2022 වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 13.1ක් දක්වා ඩොලර් බිලියන 07කින් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එම අපනයන භාණ්ඩ අතර රෙදිපිළි සහ ඇඟලුම් අපනයනය 2021ට සාපේක්ෂව 2022 දි අමෙරිකානු ඩොලර් බිලියන 5.9 ක් දක්වා 9.5%කින් වර්ධනය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

මේ අතර 2021 දි ඩොලර් බිලියන 20.6 සිට 2022 දී වෙළඳ භාණ්ඩ ආනයනය ඩොලර් බිලියන 18.2 දක්වා පහත වැටී තිබෙන බවත් මහ බැංකුව
පවසනවා.