ගාලු මුවදොර අරගලය ක්‍රියාත්මක වන සමයේ සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී වූ පසුව සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වූ වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය ජාතික කයිලි ප්‍රේසර් (Kayleigh Fraser) සොයා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මහජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා.
එම කාන්තාව සැගවී සිටින ස්ථානය සහ ඇය කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසටයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.



