23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

රටේ ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලු නිර්මාණය කරන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බවට පවසමින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

13 වන සංශෝධනය බලාත්මක කර ඉඩම් හා පොලිස් බලතල ඇතුළු බලතල පළාත් සභා වෙත ලබාදීම රාජ්‍යයේ පාලනය ව්‍යාකූල කිරීමට හේතුවන බවයි උන්වහන්සේලා ලිපිය මගින් පෙන්වා දෙන්නේ.

මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ යන නිකායන්වල මහා නාහිමිවරුන්ගේ අත්සනින් යුතුවයි මෙම ලිපිය යොමුකර ඇත්තේ.

ජනපති රනිල් වික්රමසිංහ මහතා අද මල්වතු අස්ගිරි මහා විහාරවලට ගොස් මහනායක නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේලා මෙම ලිපිය ජනපතිවරයාට ලබා දී තිබෙනවා.