28.9 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජල බිල්පත් ගෙවීමට නව ක්‍රමයක්

ජල බිල්පත් ගෙවීමට නව ක්‍රමයක්

ජල ගාස්තු ලැයිස්තුව නිකුත් කරන අවස්ථාවේදී ජල ගාස්තු අයකිරීමේ නව ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා නියමු ව්‍යාපෘතියක් උතුරු සහ උතුරු මැද පළාත්වල ආරම්භ කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

මෙම නව වැඩසටහන මාර්තු මස පළමු දින සිට ක්‍රියාත්මක වේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාථ සඳහන් කළේ, නව ක්‍රමය යටතේ ජල ගාස්තු ලේඛනය ඉදිරිපත් කිරීමේදී බැංකු කෙටුම්පතක් හෝ ක්‍රෙඩිට් කාඩ් මඟින් මුදල් ගෙවිය හැකි බවයි.