― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
Homehot newsපාස්කු වන්දි නඩු අභියාචනයේ කරුණු පහදන්න මෛත්‍රීගේ නීතීඥයින් අදත් පැමිණ නැහැ

පාස්කු වන්දි නඩු අභියාචනයේ කරුණු පහදන්න මෛත්‍රීගේ නීතීඥයින් අදත් පැමිණ නැහැ

මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා විසින් ලබාදුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය වෙත ගොනුකර තිබුණු අභියාචනයේ කරුණු තහවුරු කිරීම සඳහා අද දිනයේත් සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥවරයාට අධිකරණය වෙත පැමිණීම අපහසු බව සිරිසේන මහතා ගේ නීතීඥයින් විසින් අධිකරණයට දන්වා සිටියා

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර වල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු පමණක් තබා අනෙක් විත්තිකරුවන්ගේ නඩු පවත්වාගෙන යාමට මීගමුව අතිරේක දිසා විනිසුරු මීට පෙර නියෝගයක් කළා.

සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටී නීතීඥයින් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා හට අද දින අධිකරණයේ පෙනී සිටීමට අපහසු බැවින් කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, වගඋත්තරකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා මහතා එම ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කල අතර ඔහු පැවසුවේ නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පුද්ගලික හේතු මත දින අයැදීම කිසිසේත් ම අනුමත කළ නොහැකි බවයි.

මෙවැනි කටයුතු හේතුවෙන් සිදුවන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු වීම තවදුරටත් පමා වීම බවයි.

පෙත්සම මාර්තු 15 වන දින යළි කැඳවීමට නියමිතයි.