25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් කඳුකර කොටියෙක් මද්දකට හසු වී ජීවිතක්ෂයට

තවත් කඳුකර කොටියෙක් මද්දකට හසු වී ජීවිතක්ෂයට

බුලත්කොහුපිටිය ඉහළ උඩුව ප්‍රදේශයේදී මද්දකට හසුවීමෙන් මියගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අද උදෑසන පාසල් සිසුවෙකු අතුරු මාර්ගයකින් පාසල වෙත යමින් සිටියදී කොටියා මද්දට හසුවී සිටින ආකාරය දැක ගම්වාසීන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව ප්‍රදේශවාසීන් පැමිණ කළ සොයා බැලීමෙන් ටික වේලාවකට පසු එම සත්වයා මරණයට පත්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක සිට තම ප්‍රදේශයේ නිවෙස්වල සුනඛයන් ඇතුළු සතුන් අතුරුදන් වූ අතර මියගොස් ඇති මෙම කොටියා විසින් එම සතුන් ආහාරයට ගන්නට ඇති බවයි.

පිරිමි සතෙකු වන මෙම කොටියා ගැහැණු සතෙකු සහ පැටවුන් 4 දෙනෙකු සමග සිටින ආකාරය ගම්වාසීන් අවස්ථා කිහිපයකදී දැක ඇතැයි ද සඳහන්. බුලත්කොහුපිටිය පොලිසිය සහ වන ජීවී නිලධාරීන් මේවන විට එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර තිබෙනවා.