29.8 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමැතිසබයේ බැංකු ශාඛාවත් වැසෙයි

මැතිසබයේ බැංකු ශාඛාවත් වැසෙයි

වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එක්වෙමින් පාර්ලිමේන්තුවේ ලංකා බැංකු ශාඛාවද අද (01) වසා දැමීම හේතුවෙන් එහි වැඩ කටයුතුවලට බාධා එල්ල වුණු බවට තොරතුරු වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සේවය ලබා ගන්නේ මෙම පාර්ලිමේන්තු බැංකු ශාඛාවෙන් වන අතර ලංකා බැංකු ශාඛාව වසා දැමුණත් ජල සහ විදුලි ඇතුළු පාර්ලිමේන්තුවේ අනෙකුත් සේවා කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව පැවතුණු බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන හෙයින් බැංකු ශාඛාව වසා දැමෙන බවට දැන්වීම් පත්‍රිකාවක්ද එහි ප්‍රදර්ශනය කර ඇති බවයි වාර්තා වන්නේ.