27 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර

රාජ්‍ය ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර

රාජ්‍ය අංශයේ ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද සවස පැවැසීය.

මුදල් අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ මෙම ගිනුම් විවෘත කිරීමට රාජ්‍ය අංශයට හැකිවන බව අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

රාජ්‍ය බැංකු වෘත්තීය ක්‍රියා මාර්ග හේතුවෙන් වසා තැබීමෙන් ආර්ථිකයට සිදුවිය හැකි අගතිදායි තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා කියා සිටියේය.

රාජ්‍ය බැංකු වසා තැබීමෙන් ඛනිජ තෙල් සංස්ථාවට, ගෑස් සමාගම, සෞඛ්‍ය අමාත්‍යංශය ආදි අමාත්‍යංශවලට සිය මිලදී ගැනීම් සඳහා ණයවර ලිපි විවෘත කිරීමට පවා අවස්ථාව නොලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.