27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරියදුරන්, මගීන් හා පදිකයින් දැනුවත් කරමින් පොලීසියෙන් විශේෂ නිවේදනයක්

රියදුරන්, මගීන් හා පදිකයින් දැනුවත් කරමින් පොලීසියෙන් විශේෂ නිවේදනයක්

පොලිසිය රියදුරන්, මගීන් හා පදිකයින් දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊට අනුව බස්නාහිර පළාත තුළ සිදුවන රිය අනතුරු, මාර්ග අවහිරතා අවම කර ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කිරීමට පියවර ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම වැඩසටහන මාර්තු 01 වැනිදා සිට 31 වැනිදා දක්වා බස්නාහිර පළාතේ සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතයි.පොලිසිය පවසන්නේ එහිදි පහත වැරදි සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබා දි කටයුතු කරන බවයි.

එම නිවේදනය පහතින් දැක්වේ.