― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොරණ රෝහලේ විදුලි පංකාවක් කඩා වැටී රෝගීන් දෙදෙනෙකුට තුවාල

හොරණ රෝහලේ විදුලි පංකාවක් කඩා වැටී රෝගීන් දෙදෙනෙකුට තුවාල

හොරණ මූලික රෝහලේ හෘද රෝග සායනයට පැමිණි රෝගින් දෙදෙනෙකුගේ හිස මතට විදුලි පංකාවක් කඩා වැටීමෙන් ඔවුන් හදිසි ප්‍රතිකාර සදහා යොමුකර තිබෙනවා.

එක් රෝගියෙකුගේ හිසට හා අනෙක් රෝගියාගේ හිස සහ කනට මෙම අනතුරෙන් තුවාල සිදුව ඇති බව අප වාර්තාකරු පැවසුවා.

අනතුරට පත් රෝගීන් දෙදෙනා පවසන්නේ විදුලි පංකාව ශබ්ද නගා කැරකෙමින් තිබී එකවරම කඩා වැටුණු බවයි. රෝහලේ නඩත්තු කටයුතු නිසියාකාරව සිදු නොවීම මත මෙවැනි අනතුරු සිදුවන බවට රෝගීන් චෝදනා කරනවා.