― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
Homehot newsගුටිබැට හුවමාරුවකින් අවසන් වූ මරණාධාර සමිති රැස්වීම

ගුටිබැට හුවමාරුවකින් අවසන් වූ මරණාධාර සමිති රැස්වීම

මරණාධාර සමිති සභා වාරයක දෙපාර්ශවයක් අතර ඇතිවූ බහින් බස් වීමකින් දුරදිග යාමෙන් සිදුවූ ගුටි බැට හුවමාරුවකින් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද සවස වනාතවිල්ලුව, අළුත් එළුවන්කුලම ප්‍රදේශයේ පිහිටි දේවාස්ථානයකට අයත් ශාලාවකදී මෙම ගැටුම සිදුවී ඇති බවයි.

තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගැමුටම හේතුව මුදල් ආරවුලක් බවටයි පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ.

ගැටුම ඇති කර ගෙන ඇත්තේ පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් දෙදෙනෙකුගේ ආධාරකරුවන් පිරිසක් බවට ද හෙළිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.