26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාරේ ගිය දැරියව පැහැරගෙන ගිහින් 19 තරුණයා හදි කරලා

පාරේ ගිය දැරියව පැහැරගෙන ගිහින් 19 තරුණයා හදි කරලා

අනුරාධපුර පූජා නගරය ආසන්නයේ පාසලක 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලවයස්කාර 13 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කිරීමේ පුවතක් වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර තන්නායම්කුලම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයකු ඊයේ (02) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ දැරිය තම මව දැනුවත් කර නිවෙස ආසන්නයේ නැන්දාගේ නිවසට යන අතරවාරයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු බලහත්කාරයෙන් යතුරු පැදියට නංවා ගෙන පාළු නිවසකට රැගෙන ගොස් දූෂණයට ලක් කළ බව දැරිය ප්‍රකාශ කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු හා පැමිණිලිකාර දැරියගේ පරස්පර ප්‍රකාශ සම්බන්ධයෙන්ද වෙනම විමර්ශන සිදු කරන බවයි පොලීසිය පවසන්නේ. මෙම දැරිය මේ වනවිටත් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මාර්තු මස 14 වනදා දක්වා සැකකරුව බන්ධනාගාරගත කර ඇත.