26.1 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුද්‍රා තැබූ බිත්තර ගබඩාවක් යළි විවෘත කරන ලෙස අධිකරණ නියෝගයක්

මුද්‍රා තැබූ බිත්තර ගබඩාවක් යළි විවෘත කරන ලෙස අධිකරණ නියෝගයක්

පාරිභෝගික අධිකාරිය මුද්‍රා තැබූ ජා-ඇළ දඩුගම ප්‍රදේශයේ බිත්තර ගබඩාවක් යළි විවෘත කර එහි හිමිකරුට භාර දෙන ලෙසට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය අදාළ ගබඩාවට මුද්‍රා තැබුවේ බිත්තර සඟවා ඒවා වැඩි මිලට අලෙවි කරන බවට පවසමින්.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් ජා ඇළ පොලිසිය සහ පාරිභෝගික අධිකාරිය අද (03) අධිකරණයට කරුණු දක්වනු ලැබුවා.

එහිදි විනිසුරුවරයා නියෝග කළේ අදාළ බිත්තර ගබඩාවේ මුද්‍රා ඉවත් කර එම බිත්තර කොගය එහි හිමිකරුට යළි ලබා දෙන ලෙසයි.
ඔහු සමාගම් වෙත බිත්තර අලෙවිකර ඇති බව එහිදි ප්‍රකාශ වුණා.

ඒ අනුව අද (03) පස්වරුවේ ජා ඇළ පොලිසිය අදාළ බිත්තර ගබඩාවේ මුද්‍රා ඉවත් කර තිබෙනවා.