22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුදු කූඩැල්ලන්ගෙන් ඩොලර් මිලියන 7,700ක ආදායමක්

මුහුදු කූඩැල්ලන්ගෙන් ඩොලර් මිලියන 7,700ක ආදායමක්

යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රික්කවල පිහිටුවා ඇති මුහුදු කූඩැල්ලන් ගොවිපළ හරහා ඩොලර් මිලියන 7700ක ආදායමක් ලබාගෙන තිබෙනවා.

තල් පොල් සංවර්ධන සභාව මෙන් වෙරළ සංවර්ධන සභාවද ළඟදීම පිහිටුවන බවයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ යාපනයේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

උතුරේ දැනට මුහුදු කූඩැල්ලන් ගොවිපළ 1700ක් පවතින බවත් මේ වසර අවසන් වන විට පසුගිය වසරේ මුහුදු කූඩැල්ලන්ගෙන් ලැබුණු ආදායම තුන් ගුණයකින් වැඩි කර ගැනීම තම අරමුණ බවත් අමාත්‍යවරයා පැවසීය.