30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හිඟ ඖෂධ 37ක් මෙරටට

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හිඟ ඖෂධ 37ක් මෙරටට

මෙරට තුළ හිඟයක් පවතින ඖෂධ වර්ග 37ක් කඩිනමින් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රෝස් ඇඩනම් අතර පැවති සාකච්ඡාවකදීයි මේ බව පවසා ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුවට සමගාමීව ජිනිවා නුවරදී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර මෙරට ඖෂධ හිඟය හා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කර තිබේ.