― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිවාහක බිරිඳට සැමියා කළ අහස පොළොව නුහුලන අපරාධය

විවාහක බිරිඳට සැමියා කළ අහස පොළොව නුහුලන අපරාධය

තම විවාහක බිරිඳට පහර දී ඇයව නිරුවත් කර ඇගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ කොච්චි මිරිස් ආලේප කර ශාරීරික හිංසනයට ලක්කර පුද්ගලයෙකු පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාදුක්ක, අංගම්පිටිය, සුහඳ මාවතේ පදිංචිකරුවකු වන සැකකරු සිය විවාහක බිරිඳට මෙලෙස වැඩ හිංසා පමුණුවා ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස සැමියාගේ වැඩ හිංසාවට ලක්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවන දරුවන් සිව්දෙනෙකුගේ මවක්.

ඔවුන්ගේ වැඩිමහල් පිරිමි දරුවා මහණ දිවියට ඇතුළත්ව ඇති අතර අනෙක් තිදෙනා වයස 12 ගැහැණු දරුවෙකු, අවුරුදු 04 සහ මාස 10 ක පිරිමි දරුවන් දෙදෙනෙකු වනවා. සැකකාර සැමියා වෙනත් කාන්තාවක් හා අනියම් සම්බන්ධකමක් පවත්වා ගෙන යන අතර තම නීත්‍යනුකූල බිරිඳට මෙලෙස නිරතුරුවම අඩන්තේට්ටම් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධියට මුහුණදුන් කාන්තාව හා දරු තිදෙනා පොලීසියේ මැදිහත්වීමෙන් ඇගේ දෙමාපියන් පදිංචිව සිටින අනුරාධපුරය වෙත පිටත් කර යැවීමට ඊයේ (02) දිනයේ කටයුතු කර බවයි පොලිසිය පැවසුවේ.