28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු ක්‍රිකට් සභාපතිගේ මුදල් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනාට ඇප

හිටපු ක්‍රිකට් සභාපතිගේ මුදල් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනාට ඇප

ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ආනා පුංචිහේවාට තර්ජනය කර මාංචු දමා ඔහු සතුව තිබූ මුදල් සහ තවත් දේපළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දෙදෙනෙකු ඇප මත මුදාහැර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් දෙදෙනාට ඊයේ (03) දිනයේ දී මෙලෙස ඇප නියමකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් ගබඩාවේ තරුණයන් දෙදෙනෙක්.

මොවුන් දෙදෙනා විසින් ඉකුත් පෙබරවාරි මස 15 වැනි දින ආනා පුංචිහේවා සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකක මුදලක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් සහ එම වර්ගයේ අත්ඔරලෝසුවක් මෙලෙස කොල්ල කා ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව ඔවුන් හිටපු ක්‍රිකට් සභාපතිට දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ කොල්ලකන ලද භාණ්ඩ දුරකථනය සහ ඔරලෝසුව යළි ලබාදීමට නම් රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාදෙන ලෙසයි.

එම මුදල් රැගෙන කොළඹ කොටුවට පැමිණෙන ලෙසත් ද දැනුම් දී ඇති අතර, පසුව නැවතත් ඇමතුමක් දී පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 5ක් නොව ලක්ෂ දෙක හමාරක් ඒ සඳහා ලබාදෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් ආනා පුංචිහේවා පොලිසියට දැනුම් දී ඇති අතර, අනතුරුව පොලිසියේ උපදෙස් මත මුදල් ගැනීමට බොරැල්ල සුසාන භූමිය අසලට පැමිණෙන ලෙසයි කොල්ලකරුවන්ට දැනුම් දී ඇත්තේ.

ඒ, අනුව සැකකරුවන් දෙදෙනා මුදල් ගැනීමට පැමිණීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.