25.6 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබූරුමූනාට රැකවරණය දුන් භික්ෂූන් දෙනම ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

බූරුමූනාට රැකවරණය දුන් භික්ෂූන් දෙනම ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළ පොලිස් අත්අඩංගුවේ සිටියදී පලාගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කෝරලේ කංකානමලාගේ රවිඳු වර්ණරංගන නොහොත් බූරුමූනා එසේ පැනයාමට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනාගේ ඇප ඉල්ලීම මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද ප්‍රතික්‍ෂේප කළා.

විනිසුරු චම්පික රාජපක්‍ෂ නියෝග කරනු ලැබුවේ එම සැකකරුවන් මේ මස 24 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

රිට්ටාදෙණිය, හෙට්ටිපොළ ලිපිනයේ පදිංචි 48 වියැති පොත්තේවෙල ඉන්ද්‍රසාර හිමි, දිවුල්වැවේ දීපානන්ද හිමි (52) සහ අංක 536/2/ඇ, බන්ඩත්තර කන්ද, අඹේවෙල, කළුබෝවිට්යන, කඹුරුගමුව පදිංචි 28 වියැති වීරසිංහ ආරච්චිලාගේ දිලාන් පැතුම් ප්‍රභාත් (කාර් රථයේ රියදුරු) යන තිදෙනා මෙසේ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර කෙරුණා.

මනුෂ්‍ය ඝාතන 19 ක් ඇතුළු අපරාධ ගණනාවකට චෝදනා එල්ලව සිටින කළුතර දකුණ දුව පන්සල පාරේ පදිංචි 28 වියැති කෝරලේ කංකානමලාගේ රවිඳු වර්ණරංගන නැමැත්තා ඩුබායි බලා පැනයාමට පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරී විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොළ පොලිසියට බාරදුන්පසු පලාගොස් තිබුණා.