27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

හික්කඩුව දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටි හරස් මාර්ගයකදී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

තවත් කාන්තාවක් තුවාල ලබා බරපතල තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද සවස අළුත්ගම සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ හික්කඩුව පොළොන්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් වන අතර තුවාල ලබා ඇත්තේ එම කාන්තාවගේ සහෝදරියක් වන 45 හැවිරිදි කාන්තාවක්.

මියගිය කාන්තාවගේ සිරුර කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.