25 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියානු සංචාරකයින් මෙරටට පැමිණීම ඉහළට

රුසියානු සංචාරකයින් මෙරටට පැමිණීම ඉහළට

මාර්තු මාසයේ පළමු දින 13 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මාර්තු මාසයේ පළමු දින 13 තුළ සංචාරකයින් 53,838 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි එහි දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

එම සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් රුසියාවෙන් පැමිණ තිබීම විශේෂත්වයකි. එම සංඛ්‍යාව 12,762කි.

එමෙන්ම ඉන්දියාවෙන් 7,348ක්, ජර්මනියෙන් 4,289ක් සහ එක්සත් රාජධානියෙන් 3,937ක් වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.

ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 264‍,022කි.