25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඑවරස්ට් කන්ද විෂබීජවලින් පිරී යයි

එවරස්ට් කන්ද විෂබීජවලින් පිරී යයි

එවරස්ට් කඳු මුදුන විෂබීජවලින් පිරුණු තැනැක් යැයි ඇමරිකාවේ කොලරාඩෝ බෝල්ඩර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායමක් පළ කළ ලිපියක දැක්වෙයි.

‘ආක්ටික්, ඇන්ටාක්ටික්, ඇල්පයින් රීසර්ෂ්’ නමැති විද්‍යා සඟරාවේයි මෙම ලිපිය පළ කර ඇත්තේ.

මුහුදු මට්ටමින් මීටර් දහස් ගණනක් ඉහළින්, අධිල සීතල කාලගුණයක් පවතින එවරස්ට් හෙවත් හිමාල කන්ද වසර පුරා හිමෙන් වැසී පවතී. එවරස්ට් කන්ද තරණයට යන කඳු නගින්නන් බොහෝ දෙනෙකු රෝගී වෙයි. කිවිසුම් යවයි.

මෙම රෝගී පුද්ගලයන්ගේ විෂබීම සියල්ල සීතල වාතාශ්‍රයේ විසිරී පැතිරී පවතී. මිනිසා ලෙඩ කරන වයිරස වර්ග බොහොමයක් හිමාල අඩවියේ සීතලේ තැන්පත් වී ඇතැයි විද්‍යාඥ කණ්ඩායම පැහැදිලි කර තිබේ.

ඊට අමතරව, වසර ගණනාවක් තිස්සේ එවරස්ට් තරණය කිරීමට ගොස් මියගිය කඳු නගින්නන්ගේ මළසිරුරු හිමේ මිහිදන් කර ඇති අතර, ඒවා තවමත් ඉතා හොඳින් සැරැකිව පවතී. මෙවැනි මළසිරුරු 200 ක් පමණ තිබේ. ඒවායේ ඇති විෂබීජ එවරස්ට් කන්දේ හිමවලටත් පස්වලටත් එක් වෙයි.

(රොයිටර්ස්)