26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජීවිතයක් බිලිගත් බටගොඩ - නිව්ටල් වත්තේ සංගීතය

ජීවිතයක් බිලිගත් බටගොඩ – නිව්ටල් වත්තේ සංගීතය

බටගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදී ඊයේ (17) රාත්‍රියේ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

බටගොඩ, නිව්ටල් වත්ත ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අවසානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 37 හැවිරිදි අරුණ මංගල ජයවර්ධන නැමැති විවාහක පුද්ගලයෙක්.

දෙපිරිස අතර ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ දෙදෙනෙක් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, තවත් දෙදෙනෙක් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බරපතළ තත්ත්වයේ පසු වූ හොරණ රෝහලට ඇතුළත් කළ තවත් අයෙක් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.