26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොටහේනේ වෙඩි තැබීමක් - එක් අයෙකුට තුවාල

කොටහේනේ වෙඩි තැබීමක් – එක් අයෙකුට තුවාල

කොටහේන පරමානන්ද මාවත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමතින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ සවස මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඉන් තුවාල ලබා ඇත්තේ පරමානන්ද මාවත ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි අයෙක්.

ඔහුට අයත් ත්‍රී රෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක සිටියදී වෙඩි තැබීමට ලක්ව තිබෙනවා.

තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සඳහා නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ඇති බවට පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

වෙඩිතැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැන’ීම සඳහා කොටහේන පොලිසියයි විමර්ශන සිදුකරනු ලබන්නේ.